පරිස්සමින් හොර නෝට්ටු රට පුරා

ව්‍යාජ ලෙස මුද්‍රණය කෙරෙන රුපියල් දහසේ සහ පන්සියයේ නෝට්ටු මේ දිනවල රටේ බොහෝ ප්‍රදේශවලින් හමුවන්නට පටන්ගෙන ඇති බැවින් නෝට්ටු භාවිතයේ දී වඩාත් සැලකිලිමත් වන්නැයි ‍පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 මෙම නෝට්ටු පරිගණක මගින් මුද්‍රණය කෙරෙන බැවින් නෝට්ටු පිරිමැදීමත් සහ ‍පොඩි කිරීමෙන් ව්‍යාජ නෝට්ටුවත් සැබෑ නෝට්ටුවත් පැහැදිලිවම හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ව්‍යාජ මුදල් භාවිත කිරීම් සම්බන්ධයෙන් ආසන්නතම සිද්ධිය කල්මුනෙන් ඉකුත් 29 වෙනිදා වාර්තා වී ඇත. දහසේ නෝට්ටු 14 ක් සමග සැකකරුවන් තිදෙනෙක් එහිදී අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය සමත්ව ඇත. මන්නාරමෙන්ද, වව්නියාවෙන්ද , කළුතරින් ද ඉකුත් දිනවල ව්‍යාජ නෝට්ටු හමු වී ඇති අතර තලවිල , මඩු, මුන්නේෂ්වරන් , නල්ලූර් යන දේවස්ථාන සහ කෝවිල්වල පැවැති උත්සව සමයේ ව්‍යාජ නෝට්ටු ජාවාරම්කරුවන් බෙදා හැර තිබෙන බව ‍පොලීසියට තොරතුරු ලැබි ඇත.
 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz