ලවි සීන් එකක්‌ රගපානවා කියන්නේ අවදානම් වැඩක්‌ - මංජුලා කුමාරි

අද සමාජයේ කලා ක්‍ෂේත්‍රයේ සිටින ආදරණීය චරිත ගැන මාධ්‍ය මගින් විවිධ වූ ආකාරයෙන් කතා බහ කරනවා. ඒ අතරට නව ආරකින් එක්‌වූ කතා බහක්‌ වන ජීවිතය ආදරය විරහව පිළිබඳ මෙවර අපි කතා බහ කළේ ජනප්‍රිය රංගන ශිල්පිනිය වූ මංජුලා කුමාරි සමගයි.

"මගේ ජීවිතේ කුඩා කාලේ සිටම ගතවුණේ අම්මගෙයි ආච්චි අම්මගෙයි තද රැකවරණය යටතේ. ඒ ලෙන්ගතු බැඳීම නිසා සමාජමය අත්දැකීම් ලබන අවධිය වන විට ඕනම අවස්‌ථාවකට මුහුණ දෙන්න ගැහැනුq ළමයෙක්‌ තුළ තිබිය යුතු ශක්‌තිය ගොඩනැගිලා තිබුණා. ඇත්තටම ඒ ආදරය තමයි මේ මොහොත දක්‌වා මාව ජීවත් කළේ.

ඒ නිසා තමයි පිරිමි ළමයෙකුගෙන් ආදර යෝජනාවක්‌ ලැබුණත් සාර්ථකව එය ප්‍රතික්‍ෂේප කරන්න හිතේ ශක්‌තියක්‌ ගොඩනැගිලා තිබුණේ. මට මතකයි එක දවසකදි හතර දෙනෙක්‌ මගෙන් ආදරේ ඉල්ලගෙන ආවා.
ඒ හැමෝටම අනේ සොරි මගේ හිතේ එහෙම හැඟීමක්‌ දැනිලා නැහැ කියලා කරුණාවෙන් පහදලා දුන්නා.
නමුත් අද සමාජයේ එවැනි අවස්‌ථාවක දි අහන්න දකින්න ලැබෙන්නේ ආවේගකාරි සිතුවිලි. කෙසේ නමුත් මගේ හිතෙත් සමර අය ගැන හැඟීම් පහළ වුණු අවස්‌ථාත් තිබුණා. ඒ හැම මොහොතකම ඒ හැඟීම සම්බන්ධතාවක්‌ දක්‌වා දුර දිග ගියොත් අම්මගෙ හිත රිදෙයි නේද කියලා හිතුන නිසා හිත පාලනය කරගත්තා. කෙනෙක්‌ට හිතෙන්න පුළුවන් මගේ නිදහස සීමා කරපු නිසා එහෙම වුණා කියලා. ඒත් අද මම ඒ ගැන සතුටුවෙනවා. එවැනි රැකවරණයක්‌ යටතේ හැදුණු නිසා තමයි අද නොකැළැල් රංගන ජීවිතයක්‌ ගත කරන්න මට වරම් ලැබිලා තියෙන්නේ. 

මම හිතනවා එවැනි ශක්‌තිමත් හිත් අපේ රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න සමහරක්‌ ශිsල්පිනියන්ට නැති නිසා තමයි මේ ක්‍ෂේත්‍රයේ දික්‌කසාදය කියන වචනය හැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම අහන්න දකින්න ලැබිලා තියෙන්නේ. ඇත්තටම අද ලව් සීන් එකක්‌ රඟපානවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්‌. බොහෝ අය ආදර ජවනිකාවක්‌ ඉදිරිපත් කර අවසන් වුණත් ඒ ගැන දිගින් දිගටම ආවර්ජනය කරමින් ඒය ජීවිතය කරගන්න උත්සාහ දරනවා. ඒ නිසා දරු පවුල් ගණනාවක්‌ම අද අසරණ වෙලා තියෙනවා.

එවැනි තත්ත්වයක්‌ තමයි අද සමාජය තුළත් තිබෙන්නේ. තරුණ වයසේ සිටින බොහෝ පෙම්වතියන් ආදරය ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නේ රාගයෙන්. අවසානයේ හැඟීම්වලට ඉඩ දීලා තමන්ගේ වටිනා ජීවිත නිකරුණේ විනාශ කරගන්නවා විතරක්‌ නෙමෙයි අවසානයේ විරහ වේදනාවක්‌ එක්‌ක තමයි අනාගතේට මුහුණ දෙන්නේ. මෙවැනි සිදුවීම් නිසා සමාජයේ අපචරා වැඩිවෙලා. ඒ නිසා මම දකින වර්තමාන සමාජයේ නම් එදා අපි ඉස්‌කෝලේ යන කාලේ තිබුණු දම්මි - සුගත් අහිංසක ආදර කතා දකින්න නැහැ.

මගේ පෞද්ගලික ජීවිතේ රෝසමල් යහනාවක්‌ කියනවා නෙමෙයි. මගේ සැමියා චානුකයි මමයි අතරත් යම් යම් අවස්‌ථාවල මතභේද ඇති වෙනවා. නමුත් ඒ හිත් නොහොඳකම් දුරදිග නොගොස්‌ කෙටි විසඳුම් කරා යනවා.

මම පෞද්ගලිකව හිතනදෙයක්‌ තමයි විවහය කියන්නේ අපි කවුරුවත් බලෙන් කරන දෙයක්‌ නෙමෙයි. අපේ කැමැත්ත මතයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා එහි ප්‍රතිඵලවලදි හරිදේ අපිම තෝරාගත යුතුයි. එවිට අපේ ජීවිත ආදරයෙන් ශක්‌තිමත් වෙනවා වගේම විරහව වැනි කටුක අත්දැකීම් ජීවිතයෙන් දුරස්‌ වෙනවා.

ලක්‌මිණි අතුකෝරල

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz