පබෝදාට ලස්සන පුතෙක් - Paboda Sandeepani

පබෝදාට ලස්සන පුතෙක්
ප්‍රංශයේදී මවක් වූ තම දියණිය ගැන ගීතා සමග කතාබහක්


පබෝදා සංදීපනී අපේ නිළි පරපුරේ දක්‍ෂ නිළියක්. මීට ටික කලකට පෙර ඇය පතිකුලයට ගියා. ඉන් කලකට පසුව මව් පදවිය ලබන්නට සූදානම් වූ පබෝදා ඒ වෙනුවෙන් ප්‍රංශය බලා පිටත් වුණේ ඇගේ පියා එහි ජීවත්වන හින්දයි.

විදෙස් ගතවන්නට දින දෙක තුනකට පෙර ඇය අවසන් වරට කතාබහකට එකතු වුණෙත් රිද්ම සමග. අද අපි රිද්ම තුළින්ම පබෝදා  ගැන සුබාරංචියක් කියන්නටයි මේ සූදානම. ඒ තමයි මීට දින කිහිපයකට කලින් පබෝදා මව් පදවිය ලද පුවත. පසුගිය ජූලි මාසේ 04 වැනිදා පබෝදට පුංචි පුතෙක් ලැබුණා. ඇය තමන්ගේ පුතා සමග තවමත් ඉන්නේ ප්‍රංශයේ. තව ටික දවසකින් අම්මයි පුතයි දෙන්නම ලංකාවට එන්නටයි සූදානම් වෙලා ඉන්නේ. පුංචි සිඟිත්තගෙ උපත අපේ ප්‍රවීණ නිළි ගීතා කාන්ති ජයකොඩි ආච්චි අම්මා කෙනෙක් බවට පත්කළා. දුවයි මුණුපුරයි සමග ප්‍රංශයේ ගතකළ ගීතා ලංකාවට ඇවිත්. අලුත් ආරංචිය ගැන වැඩිදුර තොරතුරු විමසන්න අපි ගීතට කතා කළා.

ගොඩක් සතුටින් නේද ඉන්නේ
(හිනැහි) ගොඩක්ම සතුටුයි. ඇයි ඉතින් මම දැන් ආච්චි අම්මා කෙනෙක්නේ.


මුණුපුරා ඉපදෙන වෙලාවේ ආච්චි අම්මා ළඟ හිටියද?
නැහැ, දරුවා ඉපදුනේ වෛද්‍යවරු දීලා තිබුණු දිනවලට කලින්. මම මේ දවස්වල “චායා”  සහ “මැදගෙදර” ටෙලිනාට්‍යවල රඟපාන හින්දා ඉදිරි කොටස් කීපයත් ඉවර කරලම නියමිත දිනවලට යන්නයි හිතාගෙන හිටියේ. කොහොම හරි 4 වැනිදා දුව වෙනුවෙන් භාරයක් වෙන්න යන්නයි මම තීරණය කරලා තිබුණේ.

එදා ඒ කටයුත්ත කළාද?
ඔව්, මම නවගමුව දේවාලෙට ගියා. ඒ යන අතරේ මට කෝල් එක ආවා දුවට අසනීප වෙලා හොස්පිටල් ගෙනිච්චා කියලා. පූජාව ඉවරවෙලා ගෙදර ආවාම දුරකතන ඇමතුම ලැබුණා දරුවා ඉපදුනා කියලා.

පබෝදගේ දරුවා ගැන තොරතුරු දැනගන්න අපේ රසික හිතවතුන් ගොඩාක් ආශාවෙන් ඇති.
එයා පුතෙක්. නම සවේන් ජිත්සර

කවුද නම දැම්මේ ?
අරිසෙන් අහුබුදු මහතාගේ දුව

නමේ තේරුම මොකක්ද?
නායකත්වයෙන් බැබළෙනවා කියන අර්ථය.

මුණුපුරාගේ කටයුතු කෙරුණේ ගීතගෙ අතින්ද?
ඒ රටේ මව්වරුන් වෙන්න ඉන්න අයට දරුවෙකුගේ කටයුතු කරන හැටි කියල දෙනවා. දරුවා ඉපදිලා
සතියක් යනතුරු ‍පෝෂණවේදිනියන් ගෙදරට ඇවිත් ඒ ගැන හොයා බලනවා. පුතාව නාවන්නේ එයාගේ සියලුම කටයුතු කරන්නේ පබෝදා.

තාත්තගේ ළඟ ඉන්න එක පබෝදට ලොකු ශක්තියක් වෙන්න ඇති.
අවශ්‍ය දේවල් ගෙනෙන්න එහෙ මෙහ යන්නේ දුවගෙයි, මුණුපුරාගෙයි කටයුතු හොයා බලන්නෙයි එයා තමයි. මම දවස් කීපයක් දුවත් එක්ක ඉඳල ආවා. ඒත් දරුවා ලැබෙන්න ප්‍රංශයට ගියදා ඉඳන් පබෝදව බලා ගන්නේ එයාගේ තාත්තා.

පුංචි පුතාගෙ තාත්තටත් ගොඩක් සතුටු ඇති.
(හිනැහි) එයා ඉන්නේ ලොකු සතුටකින්. පුංචි පුතා පබෝදා වගේ සුදුම සුදුයි. ඒත් මුහුණුවර නම් එයාගෙ තාත්තගෙ වගේම තමයි. සිදත් වගේම එයාගෙ අම්මලත් මග බලාගෙන ඉන්නේ පුංචි මුණුපුරා ලංකාවට එන්නේ කවද්ද කියල තමයි.

තවම තාත්තට පුංචි පුතාව දැසින් දැක බලාගන්න ලැබුණෙ නැහැ
ඔව්, තවම නැහැ. විවේක ලැබුණු හැටියෙම සිදත් ප්‍රංශයට යනවා පුතාවයි, බිරිඳවයි බලන්න.

පබෝදා කවද්ද ලංකාවට එන්නේ
සිදත් ගියාට පස්සේ ආපසු එන්නේ පබෝදවත් එකතු කරගෙන තමයි.

ප්‍රංශයෙදි පබෝදගේ ජීවිතේ ගෙවිල යන්නේ කොහොමද
ඒ රටේ ගොඩක් පහසුකම් තියෙනවනේ.  ඒ හින්ද ප්‍රශ්නයක් නැහැ. අන්තර්ජාලය ඔස්සේ ලංකාවේ රූපවාහිනී වැඩසටහන් බලන්නත් පුළුවන්. ඒත් පුතා ඉපදුනාට පස්සේ නම් පබෝදා දවසම වගෙ පුතාගෙ ළඟ තමයි කාලය ගතවෙන්නේ.

මවක් වුණාට පස්සේ පබෝදා මහත්වෙලා වෙනස්වෙලාද
දරුවකු ඉපදෙන්න ආවම ගොඩක් කාන්තාවෝ මහත්වෙනවා. ඒත් දුවනම් ගොඩක්ම මහත්වුණේ නැහැ. චුට්ටක් විතර මහතයි. ඒත් තරබාරු වෙලා නැහැ.

ලංකාවට ආවට පස්සේ පබෝදා ආයෙම රඟපෑමට එකතු වේවිද
ටික කාලයක් යනකං දරුවා වෙනුවෙන්ම කැප වෙලා ඉඳීවි. පස්සේ කාලෙක ආයේම රඟපෑමට එකතු වේවි.

ආරියවංශ  කුලතිලක
-lakbima-

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz