සනත් ලැබූ තාවකාලික පැවිද්දට සංඝ විරෝධය - Sanath Gunathilaka

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා සතියක පමණ කාලයක් පැවිද්දත්වයට පත් කරවීම සම්බන්ධයෙන් ආගමික සංවිධානවල නායක හිමිවරු දැඩි විරෝධය පළ කරති. එම ක්‍රියාවෙන් ගැටලුවක් හෝ ශාසනයට හානියක් සිදු නොවන බවට තවත් හිමිවරු මත පළ කරති. නළු සනත් ගුණතිලක මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පැවිදි දිවියේ ඇති වටිනාකම පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත විත්‍රපටයක පැවිදි චරිතයක ස්වභාවය සම්බන්ධව පූර්ව අත්දැකීමක්, පුහුණුවක් ලබා ගැනීම සඳහාත් තමා සතියක පමණ කාලයක් පැවිදි දිවියට ඇතුළු වූ බවයි.

මේ පිළිබඳ කළ විමසීමකදි ජාතික හෙළ උරුමයේ නායක ආචාර්‍ය ඕමල්පේ සෝහිත හිමියන් දැඩි විරෝධත්වයක් පළකරමින් ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි. සනත් ගුණතිලක මහත්තයා හෝ වේවා
මොන කවුරු හෝ වේවා තමන්ගේ රස්සාව රඟපෑම සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශාසනයට ඇතුළත්වන්න පැවිදි වූවා නම් එය ශාසනයේ ගෞරවය කෙලසීමක්. පැවිදි වීමේදි ආරාමික ශාසනික සම්ප්‍රදාය අනුගමනය කිරීමක් සිදුවෙලා නැහැ. පැවිදි දිවියට ඇතුළත් වෙද්දි පැවිද්ද ඉල්ලන්නේ' සබ්බ දුක්ඛ, නිස්සරණ කියා පවසන වාක්‍ය, ඒ කියන්නේ සසර දුකින් අත්මිදිම පිණිස මාව පැවිදි කරන්න කියා තමයි ඉල්ලන්නේ. එහෙත් සනත් කියන්න ඇත්තේ මගේ රඟපෑමේ වැඩිදියුණුව ඉටුවීම පිණිස, ජනප්‍රියවීම පිණිස මාව පැවිදි කරන්න කියලා.

ඉල්ලන්න ඇත්තේ. 'අගාරස්මා අනගාරින් පබ්බජි' කියන්නේ ගීහිගෙයින් නික්මී පැවිදිකමට එනවා කියලා. සියලු වත් පිළිවෙත්වලට මේ දේ සිදු වුණා නම් එහෙම දෙයක් වෙනවාද මෙතැන. පැවිදි විය යුත්තේ ගීහි ජීවිතෙන් ඉවත් වෙලා සියලු සම්බන්ධකම්වලින් නිදහස් වෙලා පවුල් ජීවිතයෙන් ඉවත්වෙලා, අපි කියන්නේ සිවුර නළුකම පුහුණු කරගැනීමට යොදා ගැනීම ශාසනික ගෞරවය විනාශ කිරීමක්. මෙහිදි වංක අදහසක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.
මේ පිළිබඳ මාධ්‍යවලට කියලා මාධ්‍ය මඟීන් ප්‍රචාරය කරල තමයි මේ පැවිදිවීම කරලා තිබෙන්නේ. මේ කරලා තිබෙන්නේ බරපතළ වැරැද්දක්. ශාසනික සදාචාරය විහිළුවට ලක් කිරීමක්. භික්‍ෂුත්වය හෑල්ලු කිරීමක්. මෙය කිසිදු බෞද්ධ භික්‍ෂුවක් අනුමත කරන ක්‍රියාවක් නොවේ. කිසිම බෞද්ධයෙක්ද අනුමත කරන ක්‍රියාවක් නොවේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමහරු විවිධ නාට්‍ය චිත්‍රපට සඳහා භික්‍ෂු චරිතයකට පණ පොවන්න එම චරිතයට සාධාරණත්වයක් ලබා දිමට මේ මනගී න් උත්සාහයක් ගන්නවා. මෙම පැවිදිවීම ගැටලුවක් නැහැ. ඒ සඳහා තමයි තාවකාලිකව පැවිදි වෙන්නේ. මේ ආකාරයට සාමණේර අයුරින් පැවිදි වුණා කියලා භික්‍ෂුවකගේ ගණයට වැටෙන්නේ නැහැ. ශාසනය රැකෙන්නේ උපසම්පදා භික්‍ෂුවක් සමඟයි. සාමණේරයන් ලක්‍ෂයක් හිටියත් වැඩක් නැහැ උපසම්පදා භික්‍ෂුවක් නැතිව. උපසම්පදාවට පත්වුවහොත් පමණයි භික්‍ෂුවක් විදියට පිළිගන්නේ. තමන්ට දවස් 10ක් සාමණේර අයුරින් ඉන්න අවශ්‍යනම් පන්සිල් සමාදන් වෙලා සාමණේර විදියට ඉන්න පුළුවන්. මේ සිද්ධිය ශාසනික විරෝධී ක්‍රියාවක්වත් සාම්ප්‍රදාය විරෝධී කතන්දරයක්වත් නොවේ. ශාසනය රැකෙන්නේ උපසම්පදා භික්‍ෂුවක් සමඟයි. රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

චිත්‍රපටයකට අත්දැකීමක් හෝ පෙරහුරුවක් ලබාගැනීම සඳහා නීත්‍යනුකූල අයුරින් මහණ වුණානම් ඒ තරම් තවත් බලු වැඩක් නැහැ. බුදු දහමට ළැදිව ඒ අනුව කටයුතු කිරීම සඳහා බුදු දහම එල්බ ගැනීම සඳහා සද්භාවයෙන් මහණ වූවානම් එය උතුම් ක්‍රියාවක්. මහණ වීමේ අත්දැකීමක් ලබාගෙන චිත්‍රපටවල රඟපාන්න පැවිදි වෙන්න ශාසනය අම්බලමක් නොවේ. තමන්ට ඕන ඕන දේවල් පුහුණු වෙන්න ශාසනය මඟීන් බැහැ. ශාසනික සම්ප්‍රදාය පිළිගෙන සද්භාවයෙන් මහණ වුණා නම් සතියක්ද දවස් දෙකක්ද කියලා ඊට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පාඨලී චම්පික මහත්තයාත් මහණ වුණේ චිත්‍රපට සඳහා පෙරපුහුණුවක් ගන්න ශාසනය පාවිච්චි කරන්න බැහැ. මහණවීමේ බෞද්ධ සම්ප්‍රදාය අවබෝධ කරගෙන රඟපානවා කියන්නේ කොපමණ දුෂ්ට වැඩක්ද. ඔය මහත්තයාව මහණ කරවපු ඇත්තෝත් මේවා දැනගන්න ඕනෑ. මහණ කරවද්දි එහි අරමුණ දැනගෙන නොවෙයිද ඒ ඇත්තෝ මහණ කරලා තිබෙන්නේ.

පිරිතක් කියද්දිත් දැහැත්දිලා හාමුදුරුවන්ට අරමුණ පැහැදිලි කරන්න ඕන. රඟපෑම සඳහා පෙර පුහුණු වන්න අත්දැකීම් ලබා ගන්න ඕන නම් ශාසනයට එන්නේ නැතිව වෙන ඕන තැනක් හොයා ගන්න ඕන. සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි භික්‍ෂු ජීවිතයක් කියන්නේ රඟපෑම්වලට භාවිත කරන දෙයක් නොවේ. පැවිද්දත්වය කියන්නේ ජීවිතය පිළිබඳ අවබෝධකර ගැනීමක්. ශාසනය කියන්නේ ජීවිතය එතෙර කරවීමට තිබෙන මාර්ගයක්. පැවිදි බවට පත්වෙලා තමන්ගේ ජීවිතය යහපත් අතට පත්කර ගත යුතුයි. කුසල් දහම් රැස්කරගත යුතුයි. පැවිද්ද කියන්නේ සිත සකස් කරගැනීම, සිත මනා ලෙස පාලනය කර ගැනීම. ශාසනයට එන්නත් පුළුවන්. ඇවිල්ලා යන්නත් පුළුවන්, බුදුරජාණන් වහන්සේගේ කාලයේ හොරුන් මංකොල්ලකරුවන් පවා පැවිදි වූවා.

නමුත් ඔවුන්ගේ අරමුණු වෙනස්. ඔවුන් පැවිදි වූයේ පටු අරමුණු ඇතිවයි. අපි හිතනවා සනත් ගුණතිලක මහත්තයාගේ සිතුවිල්ල යහපත් අයුරින් පැවිදි වූවානම් පැවිදි බවේ සුවතාව අවබෝධකරගෙන ලෝකයාව යහපත් මාර්ගයක් වෙත ගෙන යන්න කටයුතු කරයි කියලා. එහෙත් පැවිදි වූයේ චිත්‍රපටය රඟපාන්න පුහුණු වන්න නම් එය බරපතළ වැරැද්දක්. භික්‍ෂුවකට රඟපෑම් සිද්ධ කිරීම බරපතළ පාපයක්. ඒ සඳහා කටයුතු කළ අනෙකුත් භික්‍ෂුන් පවා මේ මඟීන් කරලා තිබෙන්නේ බරපතළ වැරැද්දක්.

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz