කෘත්‍රිම ලෙස රූමත්වීමට යාමද අතිශය බියකරුය

අද රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය යනු අතිශයින් නවීනත්වයට පා තබා තිබෙන්නකි. මෙවැනි වූ ශිල්පයකින් උදව් ලබාගෙන වඩ වඩාත් සුන්දර වීමට අපේ කාන්තාවන් සේම පිරිමි පාර්ශ්වයද දක්වන්නේ දැඩි උනන්දුවකි. මොනතරම් නම් සුපිරි පන්නයේ රූපලාවන්‍ය ආ‍ලේපන, කොණ්ඩා මෝස්තර, ඇඳුම් ආයිත්තම් තිබුණා වුවද ඒවා යොදාගෙන අප සරසා ගන්නේ ශරීරය බව අමතක කළ යුතු නොවේ.

විශේෂයෙන් වැඩිපුර සුන්දරවීමට කැමති කොයි කාන්තාවත් තමන්ගේ සිරුරේ හැඩය, නිසි ප්‍රමිතියකට අනුව පවත්වා ගැනීම සුන්දර වීමේ කාර්‍යට ධනාත්මක දායකත්වයක් ලබාදෙන බව අමතක ඔමන්කළයුතු නැත. මොනතරම්නම් වටිනා ඇඳුම් පැළඳුම්, ආ‍ලේපන වර්ග යොදාගෙන හැඩයක් නැති තරබාරු සිරුරක් හැඩ කළා වුවද එහි කිසිදු සුන්දරත්වයක් පවතින්නේ නැත. එබැවින් ඇඳුම් ආයිත්තම්වලින් හෝ වෙනත් රූපලාවන්‍ය මෙවලම්වලින් රූපයක් අලංකාර කරගත හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි.
 නිතරම ශරීරයේ ලාලිත්‍ය හොඳින් ආරක්‍ෂාකර ගත් විට රූපලාවන්‍ය මෙවලම් ආධාර කර ගෙන සුන්දර වීම ඉතාම ලෙහෙසිය. පහසුය. ශරීරයේ උස, බර නිසියාකාරව පවත්වා ගනිමින් නිරෝගී සමක්, කෙස් වැටියක් වේද යන්න ගැන කීපවරක් සිතිය යුතු කරුණකි. ලෝක ප්‍රකට මයිකල් ජැක්සන් යනු උපතින්ම තද කළු සමක් හිමි අයෙක් විය.

 නමුත් රුපලාවන්‍යයේ පිහිට අන්තයටම පතමින් ඔහු සුදු පැහැගත් සමක් නිර්මාණය කරගත්තේ මුළු ලොවම මවිත කරමිනි. නමුත් කාලයත් හා සමග ඔහු එම අනිසි උත්සාහයන්ගෙන් ලද ප්‍රතිඵලද එතරමකට නීරස, භයංකර වූ බවද ලොවම දන්නා කරුණකි. එබැවින් ස්වභාවධර්මයට එරෙහිව යමින් කෘත්‍රිම දේ ඇසුරින් ලද හැකි සුන්දරත්වයේ එක්තරා සීමා මායිම් තමන් විසින්ම පනවාගත යුත්තකි. ඒ අනුව අපේ බොහෝ කතුන් තුළ  පවතින සම සුදු කර ගැනීමේ උන්මාදය ඇතැම් විට බරපතළ ප්‍රතිවිපාක ඇතිකරන තත්ත්වයක් දක්වා වුව වර්ධනය විය හැක.  කෘත්‍රිම දේ හරහා හිමිකරගත් කාන්තාවක් රූපලාවන්‍ය ආ‍ලේපන මගින් සේම ඇඳුම් ආයිත්තම්වලින් සැරසීගත් විට මන බඳිනා පෙනුමකින් යුතුවෙයි.

එසේම අද විවිධ නවීන රූපලාවන්‍ය මෙවලම්, අලුත්ම සත්කාර විධි හරහා රූමත්වීමේ ක්‍රම රැසක් ක්‍ෂේත්‍රය විසින් හඳුන්වා දී තිබේ. මේවා හරහා බොහෝවිට සිදුකරනු ලබන්නේ සමේ පැහැපත් බව වැඩිකිරීමය.  සම පැහැපත් වන තරමට සුදුවන තරමට තමන් රූමත් යැයි සිතන අය සමාජයේ අතිශයින් බහුලය. තද කළු පැහැති සමක් හිමි කෙනෙකුව වුවද සුදු කිරීමට හැකි නවීන ක්‍රම, අද රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම අතරවෙයි. නමුත් මේවා කොයිතරම් දුරට සාර්ථක ලෙස ජීවිතය හා සම්බන්ධව ලද හැකි සුන්දරබව තාවකාලිකය. එසේම ඒවා සිදුකරගත යුත්තේ ඒවායේ පිහිට පැතිය යුත්තේ එක්තරා සීමාවක සිට බව අමතක නොකළ යුත්තකි. රසායනිකයන් අඩංගු විවිධ ආ‍ලේපන වර්ග දීර්ඝ කාලයක් භාවිතා කිරීම මගින් සමේ විවිධ ආසාදන සේම පිළිකා පවා ඇතිවීමේ අවදානම ඉහළ දමන බව පර්‍යේෂණ පෙන්වා දී තිබේ. එමෙන්ම ලොව පුරා රූප සුන්දරියන් තේරීමේ දී සුදු පැහැය නිශ්චිත සාධකයක් නොවන අතර අඳුරු නොවන දීප්තිමත් කාල වරණයද සුන්දරත්වයේ ලක්‍ෂණයක්

බවට ලොව පුරා පැතිරුණු විශ්වාසයක් තිබේ.  එසේම රූමත් වීමේ උන්මාදයෙන් ගිල දමන විවිධ විටමින්, හෝමෝන, රසායන ද්‍රව්‍ය අඩංගු ඖෂධ වර්ග
ශරීරාභ්‍යන්තරයේ හටගන්නා අනේකවිධ ආබාධවලට, අකර්මණ්‍යතාවලට පැහැදිලිවම හේතුවිය හැකිය. එබැවින් රූපලාවන්‍ය වැඩිදියුණු කරගැනීම හරහා සිදුවිය යුත්තේ ශරීරයේ යහපත් ලෙස සොදුරු බවක් ඇතිකර ගැනීමය. එසේ නොමැතිව ඉවක් බවක් නැති රූමත්වීමේ මායාවේ පැටලී ඉබාගාතේ දිවයාම සෞඛ්‍ය ගැටලු රාශියක් බිහිකිරීමට හේතුවිය හැකිය.

සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න
-lakbima- 

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz