වැද්දන්ට ලෙඩ නැති බව හෙළිවේ.. නිරෝගිකමේ රහස වැදි නායකයා කියයි

කට පරිස්සම් කර ගනිමින් සොබාදහමට අනුව ජීවත් වුවහොත් කිසිම ලෙඩක් නැති බවත් මහ සමාජය සල්ලි දී ලෙඩ ගන්නා බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි.

ආදිවාසී ගම්මාන ආශි‍්‍රත ගිරාදුරුකෝට්ටේ හා රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වකුගඩු රෝගය සීඝ‍්‍ර ලෙස පැතිර ගියත් ආදිවාසී ගම්මාන වල කිසිවෙක් මේ දක්වා වකුගඩු රෝගීන් නොවන බවද මෙහිදී අනාවරණය වූ බවද සෞඛ්‍ය බලධාරීහු පවසති. ආදිවාසීන් නිරෝගී ජනතාවක් බව පසුගියදා කරන ලද වෛද්‍ය පරීක්‍ෂාවකින් හෙළිවී තිබේ.

බටහිර හා දේශීය වෛද්‍යවරුන් එක්ව මේ පරීක්‍ෂාව සිදු කළ බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි.

දඹාන, හෙනානිගල, රතුගල, පොල්ලේබැද්ද, දථකාන, වාකරේ යන ආදිවාසී ගම්මාන 6ක ආදිවාසීන් මේ පරීක්‍ෂාවට ලක් කෙරිණි. දියවැඩියාව, රුධිර පීඩනය, වකුගඩු යනාදී කිසිවක් ආදිවාසීන්ට නොමැති බව මෙහිදී හෙළි වු බවද ආදිවාසී නායකයා පවසයි.

මෙහිදී අදහස් දැක්වූ ආදිවාසී නායකයා,


‘හැබැයි අපේ අයට හන්දි වේදනාව,තුනටි වේදනාව වගේ පොඩි පොඩි දේවල් තියනවා.වෛද්‍යවරු මගෙන් ඇහුවේ වරිගේ අයට ලෙඩ අඩු වෙන්න හේතුව මොකක්ද කියලා.

හේතුව තමයි කැලෑවට ගියොත් කැලෑවේ මුවා, ගෝනා, අලියා, වළහා මේ හැම එකෙක්ම වගේ අපි කැලෑවේ ජීවත් වෙනවා.

අපේ ළමා කාලය ගෙවුණේ කැලෑ, ගල්තලාවල කැලෑ ගෙඩි කමින්, කැලේ අලි වතුර බොන්න හාරපු වලවල් වලින් අපි වතුර බිව්වා. අලි මුත‍්‍රා කරපු වලවල් වලින් අපි වතුර බිව්වා. කැලෑ හුළං ඇගේ වැදුණා. අපට ලෙඩ හැදෙන්නේ නෑ. මහ සමාජයේ අය සැප හොයාගෙන ජීවත් වෙනවා. මාළිගා හදාගෙන ඒවායේ කෘතීම හුළං, කෘතීම උණුසුම් ඇතිව ජීවත් වෙනවා. දෙපයට සපත්තු, වටිනා ඇදුම් පලදිනවා. සොබාදහමට එරෙහිව ජීවත් වෙනවා’ යැයි පැවසුවේය.

‘සල්ලි දීලා තමයි ලෙඩ ගන්නේ. කඩෙන් බඩු ගන්නවා වගේ කඬේ තියන ලෙඩ සල්ලි දීලා ගන්නවා. බඩයි කටයි ආරක්‍ෂා කර ගන්නේ නැතිව අහුවෙන හැමදේම කනවා.

උදේට කනවා,දවල්ට කනවා,  රැට කනවා, තෙල් ජාති කාලා ඒ කෑවට පස්සේ නානා විධ අතුරුපස කනවා.

ගිරාදුරුකෝට්ටෙ හා රිදීමාලියද්දේ වකුගඩු රෝගය පැතිර යන්න හේතුව තමයි වගාවට කෘතිම පොහොර හා කෘෂි රසායන යෙදීම.

අපි මේ ආහාරයට ගන්නේ වස විස නැතිව හදාගත්ත වී, කුරහන්, තල, මෙනේරි, ඉරිගු වගේ කෑම. ලෙඩට බේත් හොයනවට වඩා ලෙඬේට හේතු හොයාගෙන ප‍්‍රතිකාර කිරීම තමයි වැදගත්.එහෙම ප‍්‍රතිකාර කළොත් මේ ලෙඩ ඔක්කෝම නිට්ටාවට සුව කරන්න පුළුවන්.’ යැයිද ආදිවාසී නායකයා වැඩිදුරටත් පැවසීය.

lankacnews

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz