ලෝකෙට අලුත් සතුන් විශේෂයක් නම ඔලිංගිටෝ

දරුවන් අතරේ සුරතලකු හැටියට සැලකෙන “ටෙඩි බෙයා” ගේ මුහුණට සමාන මුහුණක් ඇති රැකුන් නම් වූ සත්ත්වයාට සමාන සිරුරක් ඇති ඔලිංගිටො නව ක්‍ෂිරපායි සත්ත්ව විශේෂයක් විශේෂඥයින් විසින් හඳුනාගෙන ඇත.

වැඩි වශයෙන්ම පලතුරු ආහාරයට ගනු ලබන ඔලිංගිටෝ ඉක්වඩෝරයේ හා කොලොම්බියාවේ කඳුකර ප්‍රදේශයේ වෙසෙන බවත් රාත්‍රී කාලයේ දී ගසින් ගසට පැන යමින් කල්ගත කරන බවත් සොයාගෙන ඇත. ඔවුන් රාත්තල් දෙකක් පමණ බරින් යුක්ත වන අතර දිග වල්ගයක් සහිත වූ සිරුර අඟල් 14 ක් පමණ වන බැව් ද කියනු ලැබේ.


බොහෝ කලකට පෙර ඔලිංගිටෝ සතෙකු වොෂිංටන් සත්වෝද්‍යානයේ සිටි බව වාර්තා වෙතත් ස්මිත් සෝනියන් ආයතනයේ ප්‍රකාශක ක්‍රිස්ටොෆර් හෙල්ගන් පවසන අන්දමට එමසතා පිළිබඳව හරිහැටි හඳුනා ගැනීමක් සිදුවී නැත. “රිංගර්” නමැති මෙම සත්ත්වයා ඔලිංගෝ යනුවෙන් හඳුන්වනු ලබන ක්‍ෂිරපායි සත්ත්ව වර්ගය. නෑදැ සබඳතා ඇතැයි හඳුනාගෙන තිබිණ. එසේම “රිංගර්” නමැති මේ අපූරු සත්ත්වයා 1967 සිට 1976 අතර කාලය තුළ දී තැනින් තැනට ගෙන යෑම නිසා ඔලිංගෝ සමඟ කායික සබඳතා පැවැත්වීමට නොහැකි වී ඇත.

2006 වර්‍ෂයේ දකුණු ඇමෙරිකාවේ සංචාරයක යෙදුණු හෙල්ගන්ට ඔලිංගිටෝ හා ඔලිංගෝ යනු එකිනෙකට වෙනස් සත්ත්ව වර්ග බව ඔවුන්ගේ ඇටසැකිලි සංසන්දනය කිරීමෙන් සොයා ගැනීමට හැකි විය.

මේ අනුව ඔලිංගිටෝ යනු ඒ සමාන සෙසු සතුනට වඩා වෙනස් සත්ත්ව වර්ගයක් බව හඳුනා ගැනීම නිසා ඔලිංගිටෝ නව සොයා ගැනීමක් හැටියට පෙන්විය හැකිය.

රෝහණ අාර්‍යරත්න
silumina

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz