මියගිය පසු මිල ඉහළ ගිය මොන්රෝ

මැරිලින් මොන්‍රෝ ඇය කවුරුත් දන්නා ප්‍රසිද්ධ චරිතයකි. 1962 අගෝස්තු 5 දා නිදි පෙති බී මරණයට පත්වූ ඇය ගේ මරණය සැකසහිත යැයි මහත් ආන්දෝලනයට ලක්විය.

එහෙත් ඇගේ මළසිරුර වැළලූ උද්‍යානයේ ඇගේ මළ සිරුර අසලින් භූමදානය වීමට බොහෝ දෙනා පොරකන අතර ඒ ස්ථානය ඉඩක් ඩොලර් මිලියනය දක්වා ඉහළ මිලකට අලෙවි වූ බව පැවසේ.

මර්ලින් මොන්‍රෝ නමින් 1950 දී සිය නම ලියාපදිංචි කළත් ඇය නම් ගණනාවක් ම භාවිතා කළ බව දන්නේ ටික දෙනෙකි.

නෝර්මා ජීන් මාර්ටිස් - නෝමා ජීන් බේකර් මෝනා මොන්‍රෝ ජීන් නෝර්මන්, ජීන් ඇඩියර්, ඇගේ නම් කීපයෙන් සමහරකි. ඇය හෝටල්වලට ගොස් අස්සන් කරන්නේ සෙල්ඩා සොන්ක් නමිනි. සිය
මානසික සායනයට ඇය භාවිතා කළේ ෆෝයේ මිලර් යන නමයි. ඇගේ මුල්නම ෆෝමා ජීන් ය. ඇගේ මව ග්ලැඩිස් උමතු රෝගයකින් පෙළුණු තැනැත්තියක වූ අතර ඇය නෝර්මා කුඩාම අවධියේ දී ඊඩාහා ඇල්බට් නම් යුවළකට හදාගන්නට දුන්නා ය. යළිත් ඔවුන් වෙත ආ ග්ලැඩිස් තමාගේ දුවණිය ඉල්ලා සිටිය ද ඊඩා ඇය දීම ප්‍රතික්‍ෂේප කළා ය. එවිට ග්ලැඩිස් කුඩා නෝර්මා ඇල්බට් ගේ බෑගයකට දමාගෙන පැනයන්නට යද්දී ඊඩාට අසුවිය. ඊඩා හා ග්ලැඩිස් ගේ රණ්ඩුවේදී බෑගය ඉරී නෝර්මා බිම වැට‍ුණා ය.

පසුව අනාථ ‍නිවාසයක හැදී වැඩී සිටි ‍නෝර්මා වයස අවුරුදු 16 දී ජේම්ස් ඩොහර්ටි නැමැත්තා සමඟ විවාහ වූවා ය. අවුරුදු 20 දී ඔහුගෙන් දික්කසාද වූ ‍නෝර්මා මැරිලින් මොන්‍රෝ නමින් චිත්‍රපට කොන්ත්‍රාත්තුවකට අත්සන් කළා ය. ඒ ද ටුවෙන්ටියත් ෆොක්ස් සමාගම සමඟ ය. එහෙත් ඇගේ මුල් ම රඟපෑම වූයේ ඇගේ කටහඬයි. 1947 දී ඇය චිත්‍රපටයක දුරකථන සේවිකාවක සේ කටහඬ දුන් පසුව චිත්‍රපට කීපයක සුළු චරිත රඟ පෑවා ය.

ඇය ලිංගික ආකර්ශනයක් සහිත දඟකාර නිළියක ලෙස පසුව ප්‍රසිද්ධ වූවා ය.

1926 ජූනි 1 උපන් ඇය 1962 අගෝස්තු 5 දා මිය ගියේ නිදි පෙති වැඩියෙන් භාවිතා කිරීමෙනි‍

ඇගේ මරණය ද මහත් ආන්දෝලනයට පත් එකකි.

මුලින් ම 1953 ප්ලේබෝයි සඟරාවේ ඇගේ නිරුවත් ඡායාරූපයක් පළවීමෙන් පසු ප්‍රසිද්ධ වූ ඇයට ඒ සඳහා ලැබුණේ ඩොලර් 50 ක මුදලකි.

මැර්ලින් කොතරම් ප්‍රසිද්ධියට පත් වුව ද ඇයට චිත්‍රපට සඳහා‍ ලැබුණු මුදල ඉතා අඩු ය‍. එහෙත් ඇය මිය ගිය පසු ඇගේ ඇඳුමත් ඩොලර් මිලියන 5.6 කට වෙන්දේසි විය.

දයා ඩී. ෆොන්සේකා


Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz