හිත හොඳ හොරු

පොලීසියෙන් ලැබුණු පණිවිඩයකට අනුව කැලිෆෝනියාවේ සැන්බර්නඩිනෝ ප්‍රදේශයේ පිහිටි තම කාර්යාලය වෙත ගිය එහි ප්‍රධාන අධ්‍යක්ෂිකා කැන්ඩි සිටෝලින්ස්ට දැක ගත හැකි වූයේ එහි තිබු පරිගණක, ලැප්ටොප් ඇතුළු සියලු වටිනා දේවල් සොරුන් විසින් ගෙන ගොස් ඇති බවය. කාමුක අපරාධවලට භාජන වූ අයගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ස්ථාපිත මේ මධ්‍යස්ථානය කඩා ඉතාම සුවිශේෂ අන්දමින් ඒ තුළට බඩගාගෙන ගොස් මෙම විනාශය සිදුකර ඇති බව පොලීසිය සොයා ගත්තේය.



ආරක්ෂිත සීනුව ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව කෙනෙකු ඇතුළත සිටින බව හඟවන විද්යුත් ධාරාවන්ගෙන් බේරීම සඳහා ඔවුන්ට බිම දිගේ බඩගාගෙන යෑමට සිදුවී ඇත. එසේ වුවත් පසුදාම සොරා ගත් භාණ්ඩ ආපසු එම මධ්‍යස්ථානයේ දොරකඩම දමා ගොස් තිබිණ. එහි ගිය ස්ටොලින්ස්ට දැක ගත හැකි වූයේ එම මධ්‍ය ස්ථානයේ සියලුම කොම්පියුටර්, ලැප්ටොප් වැනි උපකරණ එකක් නෑර ආපසු දමා ගොස් ඇති ආකාරයයි. එහි වූ ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කළ විට සොරුන් විසින් එවනු ලැබු පණිවිඩයක් විය. “අපි හොරකම් කරන්නෙ මොනවා ද කියා අපට දැනුමක් තිබුණේ නෑ. මෙන්න අපි ඒ සියල්ලම ආපසු එවනවා. ඔබ සියලු දෙනාම මිනිසුන්ගේ ජීවිතවලට අලුත් අරුතක් දීම දිගටම කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඔබ සියලු දෙනාටම දේවාශිර්වාදය ලැබේවා” යනුවෙන් සොරුන් විසින් කියා තිබිණ.

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz