ලොව දැවැන්තම අප්‍රිකානු කොණ්ඩයේ හිමිකාරිනිය

ස්වාභාවික සුන්දරත්වය අභිබවා යමින් කෘත්‍රිම ක්‍රම මගින් රුව ඔප්නංවා ගැනීමට ලොවපුරා වෙසෙන කාන්තාවන් උත්සාහ දරන අවධියකදී, ‘ඇවින් ඩුගස්’ නම් වූ ඇය උපතින්ම තමාට උරුම වූ පිම්බි ගිය ගණැති ‍පොකුටු කෙස් කළඹ කිසිදු වෙනස්කමකට ලක් නොකර ඊට ස්වාභාවික ලෙස වැඩීමට ඉඩ හරින ලද්දේ, එය සිය ජීවිතයට ආශීර්වාදයක් කර ගනිමිනි. සාමාන්‍යයෙන් නූතන සමාජයේ අප්‍රිකානු කාන්තාවන් බහුතරයක් පාහේ උපතින්ම තමන්ට උරුම වන රැලි ගැසුණු අප්‍රිකානු කොණ්ඩා කෘත්‍රිම ක්‍රම මගින් සෘජු කෙස් ලෙස සකසා ගැනීමට උත්සුක වත්දී තිස්හත් හැවිරිදි ඇවින් අඩි හතරයි, අඟල් හතරක වට ප්‍රමාණයකින්  යුතු බොකුටු අප්‍රිකානු කෙස් කළඹකට හිමිකම් කියමින් ලොව දැවැන්තම 16-2අප්‍රිකානු කොණ්ඩය හිමි කාන්තාව ලෙස ගිනස් ‍පොතට ඇතුළුව සිටින්නීය. ඇය විසින් ලබාදී ඇති ආදර්ශය නිසැකයෙන්ම සිය ස්වාභාවික කෙස් කළඹට ආදරය කිරීමේ උන්මාදයක් අප්‍රිකානු කාන්තාවන් අතර බිහිකිරීමට හේතු වනවාට සැක නැත.



සාමාන්‍යයෙන් ගමන් බිමන් යන විටදී සිය දැවැන්ත කොණ්ඩය පිටුපසට කොට මුහුණින් ඉවත්ව සිටින සේ ගැට ගැසීමට ඇවින්ට සිදුව ඇත්තේ, ඇයව පළමුවරට හමුවන්නන්ට අනපේක්‍ෂිත තිගැස්මක් ලබානොදීමට සේම තමා යන එන වටාපිටාව පැහැදිලිව දැකගැනීමටද ඇගේ කෙස්වැටිය බාධකයක් වන නිසයි. කොණ්ඩයේ වන රැලි ගැසුණු බොකුටු ස්වභාවය ඉවත් කොට එහි නියම ස්වාභාවික දිග දැක්වෙන අයුරින් මනාව පීරා දිග හැරිය කල එය ඇවින්ගේ උකුල තෙක් කඩා හැලුණද, ඇවින් වඩාත් ප්‍රිය කරන්නේ සිය කොණ්ඩය මෙලෙස පිම්බුණු ස්වභාවයෙන් පවතිනවාටය. පසුගිය වසර දාහතරක කාලයක සිට සිය කොණ්ඩය වැවීමට පටන්ගෙන ඇති ඇවින්ගේ දැවැන්ත අප්‍රිකානු කෙස්වැටියට යන එන කවර තැනකදී වුවද හිමිවන රසික ප්‍රතිචාරයන් ඉමහත් වුවද, වාහන දොරවල්, ගස් හා සෙසු මගීන්ගේ කරාබු හා වෙනත් මෙවලම් සමග කොණ්ඩය නිතර පැටලවීම නිසා ඇවින්ට විඳීමට සිදුවන දුෂ්කරතා බොහෝය. සාමාන්‍ය ගමන් බිමන්වලදී ඇය නිතර සිය කොණ්ඩය කෙටි වන සේ සකසා ගැනීමට ඒද එක් හේතුවක් වී තිබේ. එහෙත් හැකි අන් හැම අවස්ථාවකදීම සිය කොණ්ඩය ආභරණයක් ලෙස සලකමින් එය ස්වාභාවික අයුරින් තබා ගැනීමට ඇවින් උත්සහ දරන්නීය. එය රැකබලා ගැනීමද කිසිසේත් පහසු කර්තව්‍යයක් වන්නේ නැත. සිය ඝනැති කොණ්ඩය මුළුමනින්ම සෝදා වියළා ගැනීම සඳහා අවම ලෙස 16-3දෙදිනක කාලයක් ගත වන අතර ඒ සඳහා ඇය කේශා‍ලේපන දියර (Cඔඳිතිඔනෙර්) වර්ග පහක් භාවිතා කරන්නීය.


සෝදා ගැනීමෙන් පසුව කොණ්ඩය වියළා ගැනීම කඩිනම් කිරීම සඳහා එය කරල් දෙකකට ගොතා දමන ඇවින් සිය ගම් ප්‍රදේශය වන ලුයිසියානා ප්‍රාන්තයේ නැ‍පෝලියන් විල් හි වීරවරියක් බවට පත්ව සිටින්නේ ද ඇගේ දැවැන්ත කෙස් කළඹට පින්සිදුවන්නටය. කෘත්‍රිම රසායනික ද්‍රව්‍යය යොදාගනිමින් සිය කෙස්කළඹ දිගුකාලීන පරිහානියකට පත්කරමින් එය සෘජු තත්ත්වයට පත් කිරීමට උත්සාහ දරන අප්‍රිකානු තරුණියන්ට ක්‍රියාවෙන් ආදර්ශයක් වීමට ලැබිම තරම් අන් සතුටක් තමන්ට නොමැති බව ඇවින්ගේ අදහසයි. මෙබඳු දැවැන්ත කෙස් කළඹකට හිමිකම් කීමේ රහස කුමක්දැයි අසන කුඩා දැරියන්ගේ නිබඳ ප්‍රශ්න කිරීම්වලට ලක්වන ඇවින් ඔවුන්ට සත්‍යවාදී ලෙස කියා සිටින්නේ ඒ සඳහා විශේෂිත වූ රහස් ක්‍රමවේදයක් නොමැති බවත් එය ඕනෑම අප්‍රිකානු දැරියකට උත්පත්තියෙන් උරුම වන්නක් බවත්‍ය. සිය ස්වාභාවික කොණ්ඩයට කිසිදු බාහිර බලපෑමකින් තොරව නිදැල්‍ලේ වැඩීමට හැරීමට ඇවින් තුළ පළමුවරට පෙළඹවීමක් හටගන්නා ලද්දේ ඇගේ මව වන ඩෙබෝරා හැටේ දශකයේදී මෙයාකාරයේ පිම්බුණු ගණැති කෙස් වැටියක් ඇතිව සිටින අයුරු ඡායාරූපයකින් දැකීමෙනි. අදටද ඇවින්ගේ දැවැන්ත දැකුම්කළු කොණ්ඩයට ප්‍රියකරන ඇගේ අංක එකේ රසිකාවිය වනුයේ ඇගේ හැට දෙහැවිරිදි මව වන ඩෙබෝරාය. ස්වාභාවික රැලි ගැසුණු කොණ්ඩය එයාකාරයෙන්ම පවත්වා ගැනීම කෙරෙහි අප්‍රිකානු සමාජය වපරැසින් බැලීමට පුරුදුව සිටි අවධියකදී සමාජ සම්මතයන්ට පටහැනිව වුවද සිය දියණිය විසින් ගනු ලැබූ ඥානාන්විත, ආදර්ශනාත්මක තීරණය කෙරෙහි වඩාත්ම සතුටු වන්නේ ඩෙබෝරාය.

ප්‍රියන්ති රුද්‍රිගු
lakbima


Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz