ෆොටෝෂොප් තාක්ෂණය නිසා බිඳීගිය ප්‍රේමය

ඒ 1990 වසරයි. ස්පාඤ්ඤ ජාතික ඇනෙස්ටා ක්ලෝඩ්සන් විවාහ වූයේ මාස හතක් වැනි කෙටිකාලීන ආදර සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසිනි. ඇයට හදිසියේම විවාහ වන්නට සිදුවූයේ ගුවන් අනතුරකින් ඇගේ මවත්, පියාත් හදිසියේම මියයාම නිසා ඇයට තනිවන්නට සිදුවූ බැවිනි.ඒ වන විට ඇනෙස්ටා,සිය පෙම්වතා වූ හැන්සල් දැනහඳුනාගෙන ගතවූයේ මාස හතක් පමණි ක්ලෝඩ්සන් දෙපළට සිදුවූ හදිසි අනතුරත් සමග හැකිතාක් ඉක්මනින් ඇනෙස්ටා විවාහ කරගන්නට තීරණය කරනු ලැබුවේද ඔහු විසින්මය.


මේ ආකාරයට හදිසියේ
 විවාහ වූ හැන්සල් ඇනෙස්ටා යුවළ සිය පදිංචිය සඳහා තෝරාගනු ලැබුවේ හැන්සල්ට අයත් වතුයායක පිහිටි නිවසකි. නිවස අවට සිටි පුද්ගලයන් සියලු දෙනාම පාහේ හැන්සල්ගේ ඉතා කුළුපග මිතුරන් වූහ. වැඩකටයුතු අහවරවී නිවෙස්වලට පැමිණෙන මිතුරන්ගේ ඊළඟ කාර්‍යය හැන්සල්ගේ නිවසට ගොස් ඔවුන් හා විනෝද වීමයි. මේ නිසා හැන්සල් නිවසේ දිනකට මිතුරන් හතට දෙනකු වැරදුනේම නැත. මේ ආකාරයට කාලය ගෙවී ගොස්, හැන්සල් ඇනෙස්ටා යුවළ විවාහ වී වසරක් ගතවී තිබිණි. ගත වූ වසර තුළ ඔවුන් දෙදෙනා කිසිම විටෙක රණ්ඩුසරුවල් වූයේ හෝ හිත්‍රිදවීම් ඇති කරගත්තේ නැත.


විවාහ වී වසරකුත් මාස දෙකක් ගතවෙද්දී, දිනක් ඇනෙස්ටාගේ නමට හරි අපූරු ලිපියක් ලැබිණි. එය විවෘත කර බැලූ ඇයට ඇස් අදහාගත නොහැකි වූයේ, එහි තිබූ ඡායාරූපය දැකීමෙනි. ඡායාරූපයේ සිටියේ මනාල යුවළකි. එහි සිටි මනාලිය ඇනෙස්ටා කිසි දිනක දැක තිබූ කාන්තාවක් නොවූ අතර, මනාලයා ඇය ඉතා හොඳින් හඳුනන පුද්ගලයෙකු විය. ඒ හැන්සල්‍ය. වෙව්ලන දෑතින් යුතුව ඒ දෙස මොහොතක් බලා සිටි ඇනෙස්ටාට මොහොතකින් එය බොඳ වී පෙනෙන්නට පටන් ගත්තේ දෑසට නැගුණු කඳුළු නිසාය. තමා මෙතරම් ආදරය කරන සැමියා විවාහකයෙකු බව ඔහු කිසි දිනක ඇයට පවසා තිබුණේ නැත. ඡායාරූපය ඉරා පුළුස්සා දැමූ ඇය, මුළු දිනය පුරාවටම කළේ හැඬූූ එක පමණි. නමුත් හැන්සල් නිවසට පැමිණෙන වේලාව ළං වන විට කඳුළු පිසදාගත් ඇය කිසිවක් 10-3සිදු නොවූ ආකාරයට හැසිරෙන්නට පටන් ගත්තාය. ඡායාරූපයේ කතාව රහසක් ලෙසම තිබියදී සති දෙකක් පමණ ගතවිය
.
තවත් දිනක ඇගේ නමට තවත් එවැනිම ලිපියක් ලැබිණි.එය තුළ තිබුණේද පළමු ලිපිය තුළ තිබූ ඡායාරූපයමය. ඊට අමතරව යතුරුලියනය කරන ලද කුඩා ලිපියක්ද තිබුණි. එහි සටහන්ව තිබුණේ එකම එක වාක්‍යයක් පමණි.ඒ ‘ඔබ හරි අපූරුවට රැවටුනා’යන්නයි.මෙය දුටු ඇනෙස්ටාගේ හිත නැවත වරක් දෙදරන්නට පටන් ගෙන තිබුණි. හෘද ස්පන්දනයද වේගවත් විය. කුමක් කරන්නදැයි සිතාගත නොහැකිවූ ඇයට තමා පිළිබඳවද මහත් කලකිරීමක් ඇතිවී තිබිණි.කමෛන් ඇය කල්පනා කරන්නට පටන් ගත්තාය. සෑමවිටම හිතේ පිරී තිබුණේ සැමියා තමා රැවටුවේය යන හැඟීමය.හැන්සල්ගේ වැඩකටයුතු මහත් උනන්දුවෙන් සිදු කළ ඇයට, එයද එපාවී තිබිණි. 

වරක් දෙවරක් නොව හතට වරක්ම ඇගේ ඈලිමෑලි බවට හේතුව කුමක්දැයි හැන්සල් ඇසුවද ඇගේන් ඊට පිළිතුරු ලැබුණේ නැත. මාස දෙක තුනක් ගතවෙද්දී, ඇනෙස්ටාට ලැබි තිබූ ලිපි ගණන පහක් වූ අතර ඒ වන විට ඇගේ සිතින් හැන්සල් ඈත්වී ගොස් තිබිණි. නමුත් සුපුරුදු ලෙස ඇය ඔහුගේ වැඩකටයුතු කිරීමට පසුබට වූයේ නැත.
කිසිදු හේතුවක් නොමැතිව ඇනෙස්ටා තමන් වෙතින් ඈත්වී යන බව හැන්සල්ට තේරුම් ගියද ඇනෙස්ටාගේ නිශ්ශබ්දතාව හමුවේ ඔහුද මුනිවත රැක්කේය. මෙම යුවළගේ දෙවැනි විවාහ සංවත්සරයට දින කීපයක් තිබියදී විදුලි පංකාවේ එල්ලී ගෙල  වැලලාගෙන සියදිවි නසාගන්නට ගිය ඇනෙස්ටා බේරුණේ විදුලි පංකාවද කඩාගෙන බිමට වැටීම නිසාය.තම ජීවිතයට වඩා හැන්සල්ට ආදරය කළ ඇය,හැන්සල් නැති ලොවක තමන්ටද ජීවිතයක් නැතැයි යන්න සිතුවා විය හැකිය.දිගින් දිගටම මේ පිළිබඳව කල්පනා කළ ඇය අවසානයේ තනිව දොඩවන්නට පටන් ගත්තාය.ඉන් බියට පත්වූ හැන්සල් ඇය වෛද්‍යවරුන් වෙත කැඳවාගෙන ගියද ඇයට කිසිදු රෝගී තත්ත්වයක් නැති බව සියල්ලෝම පැවැසූහ.දිනක් දෙකක් හොඳින් සිටින ඇය එකවරම කෑගසා හඬමින් සිය හිස බිත්තියේ ගසා ගැනීම පුරුද්දක් කරගෙන තිබිණි.


දිනක් හැන්සල් වැඩ ඇරී ගෙදර පැමිණ බලන විට ඇය නිවසේ සිටියේ නැත.කොපමණ සෙව්වද ඇය සොයාගත නොහැකිවූ තැන ඔහු ‍පොලීසියට පැමිණිලි කළේය.එදා උදෑසන කුඩා බෑගයක් රැගත් ඇනෙස්ටා පාර දිගේ ඔහේ ගමන් කරනු කුඩා දරුවකු දැක තිබිණි.ඉන් එහාට ඇය පිළිබඳ කිසිම ආරංචියක් ලැබුණේ නැත. කිසියම් හෝ තොරතුරක් සොයාගැනීමට ඇනෙස්ටාගේ අල්මාරිය සෝදිසි කළ හැන්සල්ට, ඇගේ නමට තැපෑලෙන් ලැබුණු ලිපි දෙකක් හමුවිය. ඒ දෙක තුළම ඉහත කී ඡායාරූපය තිබිණි. ඒ දුටු හැන්සල්ගේ ඉහමොළ රත්වී ගියේය. මෙම ඡායාරූප කවදා කොහේදී ගත්තක්ද යන්න ඔහු කල්පනා කළේ පුදුමයට පත්වීමෙන් පසුවය. ඡායාරූපයේ තමා අසල සිටි මනාලිය කවුරුන්ද යන්න බව පවා ඔහු දැන සිටියේ නැත.

උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දුන් ඔහු මෙම ඡායාරූප දෙකද සමග ‍පොලිස් ස්ථානයට ගියේය. ඡායාරූපයේ සිටින මනාලයාට තම හැඩරුව තිබුණද ඒ තමා නොවන බවත්,තමාට ඒ හා සමාන පෙනුමක් සහිත සහෝදරයන්ද නොමැති බවත් ඔහු පවසද්දී ‍පොලිස් නිලධාරීන් පවා විස්මයෙන් යුතුව බලා සිටියහ. අවසානයේ මෙහි අගමුල සොයන්නට බාර වූයේ ස්පාඤ්ඤ රහස් ‍පොලිස් සේවයටයි. මෙම සිදුවීමට මාසයක් ගතවූ තැන සියල්ල සොයා ගැනීමට රහස් ‍පොලිස් නිලධාරීන් සමත්වී තිබිණි.



ඇනෙස්ටාගේ හදිසි වෙනස්වීමටත්,ඇගේ මානසික ආබාධයටත් හේතුවී තිබූ මෙම ඡායාරූපය, ෆොටෝෂොප් නම්වූ මෘදුකාංගයක් භාවිත කර සකසන ලද්දක් විය.1989 වසර යනු එම මෘදුකාංගය ලොවට හඳුන්වා දුන් වසරයි. ඒ නිසා ඒ පිළිබඳව දැන සිටියේ පරිගණක භාවිත කරන්නන් පමණක්වූ අතර, සාමාන්‍ය ජනතාව අතර එය ප්‍රසිද්ධවී තිබුණේ නැත.ඒ නිසා සාමාන්‍ය ජනතාව එවැනි ඇස්බැන්දුම් වැඩ ගැන දැන සිටියේද නැත. ෆොටෝෂොප් යනු කළ නොහැකි දෙයක් නොමැති ආකාරයේ මෘදුකාංගයකි.

10-4ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය උපාධි අපේක්‍ෂකයෙකු වන තෝමස් නොල් සහ ඔහුගේ දෙසොහොයුරන් වන ග්ලෙන් නොල් සහ ජෝන් නොල් විසින් 1987වසරේ නිපදවන ලද මෙම මෘදුකාංගය පළමුවරට කරළියට එන්නේ 1988 වසරේ ජනවාරි මාසයේ 0.07 සංස්කරණය  (වර්‍ෂන්) ලෙසය. ඒ ඇපල් පරිගණක සඳහා එන මැකින්ටෝෂ් මෙහෙයුම් පද්ධතිය සඳහාය.නමුත් එය අත්හදාබැලීමේ සංස්කරණයක් පමණක්වූ අතර, ප්‍රසිද්ධියට පත්වූයේ නැත. 1988 වසරේම නොවැම්බරයේ නිකුත් වන ෆොටෝෂොප් 0.63 සංස්කරණයද සාර්ථකවී නොතිබිණි. වාණිජ වශයෙන් වටිනාකමක් ලැබෙන්නේ 1989 වසරේ මාර්තු මාසයේ නිකුත්වන ෆොටෝෂොප් 0.87 සංස්කරණයටයි.

ඉන් අනතුරුව ෆොටෝෂොප් 1.00 සංස්කරණය 1990 වසරේ පෙබරවාරියේදී නිකුත්වූ අතර, වසරකම පාහේ එහි නව සංස්කරණ නිර්මාණය විය. ඒ අනුව ෆොටෝෂොප් 2.0 සංස්කරණය 1991 ජූනි මාසයේදීත්, 2.5 සංස්කරණය 1993 නොවැම්බරයේදීත්, 3.00 සංස්කරණය 1994 නොවැම්බරයේදීත්, 4.0 සංස්කරණය 1996 නොවැම්බරයේදීත්, 5.0 සංස්කරණය 1998 මැයි මාසයේදීත්, 5.5 සංස්කරණය 1999 පෙබරවාරියේදීත්, 6.0 සංස්කරණය 2000 වසරේ සැප්තැම්බරයේදීත්, 7.0 සංස්කරණය 2002 මාර්තු මාසයේදීත් නිකුත් විය. ෆොටෝෂොප් 8.0 වන සංස්කරණය නිකුත් වූයේ ෆොටෝෂොප් සීඑස් යන නමිනි. ඉන් අනතුරුව සීඑස් ටූ 2005 අප්‍රේල් මාසයේදීත්. සීඑස් ත්‍රී 2007 අප්‍රේල් මාසයේදීත්. සීඑස් ෆෝ 2008 ඔක්තෝබරයේදීත්, සීඑස් ෆයිව් 2011 මැයි මාසයේදීත්. සීඑස් සික්ස් 2012 මැයි මාසයේදීත්, සීඑස් සෙවන් නොහොත් ෆොටෝෂොප් සීසී 2013 ජූනි මාසයේදීත් නිකුත් කරන ලදී.

මෙහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය වන පළමු ෆොටෝෂොප් සංස්කරණය වන්නේ 2.5 සංස්කරණයයි. මුලදී ඉංග්‍රීසි බසින් පමණක් නිකුත්වූ මෙම මෘදුකාංගය මේ වන විට භාෂා 20කින් නිකුත් කර තිබේ.විවිධ භාෂාවලින් නිර්මාණය කිරීම ආරම්භ වීමත් සමග ඒ ඒ රටවල පුද්ගලයන් මේ සඳහා සම්බන්ධ කරගැනීමට තෝමස් නොල්ට සිදුවිය.ඒ සඳහා සම්බන්ධ වූ එකම ආසියාතිකයා සීතාරාමන් නාරායන් නම්වූ ඉන්දියානුවෙකි.ඉන් අනතුරුව ඔවුන්ගේ අදහස්ද උපයෝගි කරගනිමින් වර්ධනය වූ ෆොටෝෂොප් මෘදුකාංගය මේ වන විට ලෝකයේ රටවල් 130ක් පමණ වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා මෘදුකාංගයක් බවට පත්වී තිබේ. එමෙන්ම වරක්, නවීන මෘදුකාංග හඳුන්වාදීම සඳහා වූ සමුළුවකදී තෝමස් නොල් පවසා තිබුණේ තමා මෙම මෘදුකාංගය නිෂ්පාදනය කර උපයා ගත් මුදලට වඩා වැඩි මුදලක් එය භාවිත කරන්නන් විසින් යම් දිනයක උපයනු ඇති බවය.ඒ කෙසේ වුවද අවාසනාවකට මෙන් වර්තමානයේ මෙම මෘදුකාංගය භාවිත කර අයථා ක්‍රියාවල නිරත වන්නන් පිළිබඳව නම් ඔහු එදා කිසිවක් පවසා තිබුණේ නැත.


දුලංජලී මුතුවාඩිගේ
-lakbima-

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz