සමලිංගික මධ්‍යස්ථානයක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමට අයත් රත්මලාන ප්‍රදේශයේ ධම්මිකාරාම විහාරය ඉදිරිපිට දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය සමලිංගික සේවා මධ්‍යස්ථානයක් වටලා අත්අඩංගුවට ගත් එහි කළමනාකරු තරුණියක ඇතුළු සිවුදෙනකු ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ජී.පී.එස්. රණසිංහ මහත්මිය වෙත ඉදිරිපත් කළ පසු ඔවුන් අගෝස්තු 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

සෝදිසි වරෙන්තුවක් මත ඉකුත්දා වලාන දූෂණ මර්දන ඒකකය මඟින් කළ සෝදිසියේදී සැකකරුවන් සතුව තිබී උපත් පාලන කොපු 285ක්, ජෙල් වර්ග, අසභ්‍ය වීඩියෝ,
සී.ඩී. පට හා අසභ්‍ය සඟරා තොගයක්ද හමුවී ඇත.මෙම ස්ථානය පිරිමි සමලිංගිකයන් අලෙවි කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර ඊට අනුබල හා උපකාර ලබාදෙන රාජ්‍ය නොවන සංවිධානවල ලිපි ලේඛන හා පිරිමි දෙපළක් විවාහ වූ විවාහ සහතිකයක්ද හමුවී ඇත.

මොරටුව, ගල්කිස්ස, රත්මලාන ඇතුළු ප්‍රදේශවල පාසල් සිසුන්ද මීට ගොදුරු වී ඇතැයි පැවැසේ. ඉකුත් 16දා පිරිමි - පිරිමි විවාහ උත්සවයක්ද උත්කර්ෂවත් ලෙස මෙහිදී පවත්වා ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Tfí woyia lfukaÜ lrkak


 

Our fan pages on Facebook



exchange links

Hitz









Hitz